මීගමුවේ පැවැත්වුනු ගනූ/ලිනක්ස් පුහුනු වැඩමුලුව
Submitted by yajith on Tue, 2008-04-01 10:14
පසුගිය මාර්තු මස 29 සහ 30 දිනයන්හි LUG.LK සහභාගීත්වයෙන් ගනූ/ලිනක්ස් පුහුනු වැඩමුලුවක් මීගමුවේ AG පාසලේ පැවැත්විණි. දින දෙකක් පුරා සාර්ථකව පැවැත්වුනු මෙම වැඩමුලුවට සිසු-සිසුවියන් 50කට ආසන්න සංඛ්‍යාවක්ද ගුරුවරුන් කිහිප දෙනෙකුද සහභාගීවිය. නිදහස් හා විවෘත මෘදුකාංග ( FOSS ) සහ ගනූ දර්ශනය ගැන හැඳින්වීමක් සපයමින් ඇරඹි මුල් සැසියෙන් අනතුරුව ගනූ/ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කීරීම සහ ඒ මත භාවිතාකරන මෘදුකාංග කිහිපයක්ද අප විසින් ඉදිරිපත් කරන ලදී. වැඩමුලුවේ දෙවැනි දිනය තුලදී තවදුරටත් නිදහස් හා විවෘත මෘදුකාංග ( FOSS ) ගැන දැනුවත් කරමින් නව මෘදුකාංග කිහිපයක්ද හඳුන්වාදුන් අතර, සිසු-සිසුවින් හට ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධතියේ විවිධ හැකියාවන් ද අප විසින් ඉදිරිපත් කරන ලදී.
අනුරාධ රත්නවීර, දසුන්ප්‍රිය අනුරාධ, කුංචන මාතොට ආරච්චි, රාජ්කුමාර් ගනේෂන්, සුචේත විජේනායක සහ ඩනිශ්ක පුහුණු-සැසි සහ කථා පැවැත්විය. සිසු-සිසුවියන් සියලු දෙනාම බොහෝ උනන්දුවෙන් මෙයට සහභාගී වූ අතර ඔවුන්ගේ නිදහස් හා විවෘත මෘදුකාංග ( FOSS ) ගැන වූ ආශාව අප සියලු දෙනාම දිරිමත් කරන්නක් වීය.
මීගමුව AG පාසල වෘත්තීය අධ්‍යයන පාසලකි. සහභාගී වූ සිසුන්ගෙන් බහුතරය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පසුව තොරතුරු තාක්ෂණ පාඨමාලාවන් හදාරන්නන් විය. ඔවුන් දැඩි කැමැක්තකින් වැඩමුලුවට සහභාගී වූ අතර ගනූ/ලිනක්ස් පිළිබඳ ඔවුන්ගේ කුතුහලය පැහැදිලිව දක්නට ලැබිණි.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo